Home Latest News ආකල්පමය වෙනසක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක

ආකල්පමය වෙනසක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා – විපක්ෂ නායක

0 second read
0
0
1

නව අලුත් අවුරුද්ද සියලු දෙනාගේම ආකල්පවල පරිවර්තනයක් සිදුවන සියලු මනුෂ්‍යයන්ට ගරුත්වයක් ඇතිවන අලුත් අවුරුද්දක් වේවා යනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණ්විඩය නිකුත් කරමින් කියා සිටී.

එම පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“සිංහල දමිළ අලුත් අවුරුද්ද අතිශයින්ම වැදගත් ජාතික උත්සවයක් වන අතර එය මෙරට පමණක් නොව විදෙස්ගතව සිටින මුළුමහත් සිංහල දමිළ ශ්‍රී ලාංකික ජනයා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. අපගේ ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමඟ හුවමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කරගැනීමටද අවශ්‍ය පරිසරය සකස් කර දෙනු ලබයි.

අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් ජනිත කරවනවා මෙන්ම සියලු අඩුපාඩු හා පසුබෑම් අතහැර රට ඉදිරියට ගෙනයාම සඳහා නව ජවයකින් යුත් කැපවීමක් සිත් තුළ ඇති කරනු ලබයි. ඒ සඳහා සිතුවිලි මෙන්ම ක්‍රියාවන්ද ප්‍රගතිශීලි විය යුතුය. අලුත් අවුරුද්ද ක්‍රෝධය, සතුරුකම්, සහ වැරදි වැටහීම් ඉවත්ව යන මිත්‍රත්වය, එකමුතුව හා සහයෝගීතාව පිළිබඳ අලුත් දැක්මක් ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ඇති කරනු ලබයි. නව බලාපොරොත්තු පිළිබඳ නව අභිප්‍රායන් ඇති කරයි. ඒ අභිප්‍රායන් මුසුවූ බලාපොරොත්තු ශ්‍රී ලංකා මාතාව ඉදිරියට ගෙන යාමට ශක්තියක් වේ.

මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමඟ මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න. ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟ වේ.

මේ නව අලුත් අවුරුදු සමයේ ඔබ අපගේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි හදවතින් සුබ පතමි.”

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි – ජනපති

වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ග…