Home Local ඩසල්ඩොෆ් හිදී හිරුණිට රිදී පදක්කමක්

ඩසල්ඩොෆ් හිදී හිරුණිට රිදී පදක්කමක්

0 second read
0
0

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික දිගු දුර ධාවන ක්‍රීඩිකාවක් වන හිරුණි විජයරත්න ජර්මනියේදී ර්‍රයේ(28 වැනිදා) පැවැති ඩසල්ඩොෆ් මැරතන් තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තාය. පැය 2 යි විනාඩි 34.10 කින් තරගය නිම කළ ඇය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිට වූවාය.

දැඩි ශීතල මැද්දේ දිවගිය ඇය තරගය නිමකළේ අපහසුතා රැසකට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණයත් සමගින් ඇය දෝහා හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියටද සුදුසුකම් ලැබුවාය.

“මගේ පාද වල මස්පිඬු පෙරළිලා. ඒත් මම ශක්තිමත් විය යුතුයි කියලා මම මටම කියාගනිමින් දිව්වා….පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයන් විඳපු වේදනාවේ හැටියට මේක වේදනාවක් නෙමේ” යයි ඇය තරගයෙන් අනතුරුව පැවසුවාය.

තමන් දිනාගත්තේ තරගයේ දෙවැනි ස්ථානය වුවත් එය ඉදිරිය සඳහා විශාල බලාපොරොත්තුවක් බවද ඇය පැවසුවාය.

(ලංකාදීප)

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ඇමරිකානු ගුවන් හමුදාව ගුවනේදී මිසයිල විනාශ කිරීමේ හැකියවති ලේසර් පද්ධතියක් අත්හදා බලයි

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ගුවනේදී මිසයිල කිහිපයක් එක වර විනාශ කළ හැකි Laser weapon sys…