May 26, 2019
Home Latest News (page 2)

Latest News

නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. (කොළඹ, ලංකාපුවත්) –

ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් -ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි

ශ්‍රී ලංකාවේ පසුගිය 21වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් …

ජාතිවාදය ඇවිස්සුවොත් වැඩ වරදී

ජාතිවාදය අවුස්සනසුලු හෝ ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසී යටතේ තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප, වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන අයට දැනට …

අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ. මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තවදුරටත් …

‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව (‘ෆොනී’) 28 වන දින රාත්‍රී 11.30 වන විට මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් උතුරු අක්ෂාංශ 8.4 ත් නැගෙනහිර දේශාංශ 86.9 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුලදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊළඟ පැය 24 තුල ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ …

යාපනයේ භූගත බංකරයක් – පොලීසිය පරීක්ෂණ අරඹයි

යාපනය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද භුගත බංකරය ගැන ආරක්ෂක අංශ විසින් මේ වන පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය නිලධාරින් සහ පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම බංකරය සොයාගනු ලැබිණ. මෙම බංකරය තෙමහල් නිවසක පොළොව අභ්‍යන්තරයේ සකසා තිබිණ.අදාළ බංකරය මීටර් 25ක් පමණ උසකින් සමන්විත වන අතර පළල අඩි 5ක් ලෙස සකස් කර තිබේ.මෙය තහඩුවලින් ආවරණය කළ ආරක්ෂිත දොරක් යොදවා තිබු …

තවුහිත් ජමාත් සාමාජිකයන් 100ටත් වඩා අත්අඩංගුවේ

පූජනීය ස්ථාන ඇතුළු හෝටල් කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හරිමින් දෙස් විදෙස් අහිංසක මිනිස් ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් බිලිගත් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 100කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනිමින් ඔවුන්ගේ සංවිධානයේ සියලු තොරතුරු ‍හෙළිකරගනිමින් ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශේෂ කාර්ය බළකායත් ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුම්වලින් මේ වන විට එම සංවිධානයේ අභිරහස් කටයුතු සියයට හැටකින් පමණ හෙළිකර ගැනීමට හැකිවී තිබේ. නැගෙනහිර පළාත සහ …

කුරුදු ව්‍යාපාරිකයෙක් තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

ඇල්පිටිය අටකෝට, මංසන්දියේ නිවස අසලදි කුරුදු ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව ඇල්පිටිය පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ දෙදරු පියකු වන පේදුරුහේවා සෝමතික (46) නැමති කුරුදු ව්‍යපාරිකයකු මෙන්ම සමාජ සේවකයෙකි. ඊයේ(28) රාත්‍රි⁣යේ 11.25 ට පමන යතුරු පැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදි නිවස ආසන්නයේ දි තියුණු ආයුධයකින් ඇන සැකකරුවන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි. මළ සිරුර ඇල්පිටිය මූලික රොහලේ තැන්පත් කර …

ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිපත් කළ සෞදියේ ලාංකිකයන්

පාස්කු ඉරුදින මෙරට සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස සිහිපත් කිරීමට එක්සත් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳව සෞදි අරාබියෙන් වාර්තා වේ. කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සතියක් සපිරෙද්දී විදෙස් රටවල් කිහිපයකම එම ප්‍රහාරයට ශෝකය පළකිරීම සිදු කළේය. සෞදි අරාබියේ රියාද් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඒකරාශී වූ ශ්‍රී ලාංකිකයින් ප්‍රහාරවලින් විපතට …

මාවනැල්ලේ ගොඩනැඟිල්ලක හට ගත් හදිසි ගින්න නිවා දමයි

මාවනැල්ල නගරයේ ඇති වෙළෙඳ සැල්විශාල ප්‍රමාණයකින් සමන්විත තට්ටු ගොඩනැඟිල්ලක ඉහළ මහළේ හට ගත් ගින්නක් පැතිර යෑමට පෙර මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවා දැමිමට ඊයේ (28)රාත්‍රියේ දී සමත් වී තිබේ. මාවනැල්ල නගරයේ මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇත නුවර සිට කොළඹ බලා යන දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථානයට ඉදිරි පසින් මාවනැල්ල අධිකරණය වෙත ගමන් කරන මාර්ගයට යාබදව ඇති …

123...5Page 2 of 5

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Latest Reviews

Entertainment

Load more

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120