May 26, 2019
Home Local

Local

තවුහීද් ජමාත් කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රිමාන්ඩ්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම සැකකරු අද බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පමුණුවනු ලැබීය. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති …

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. ඒ අනුව මේ මස 24 වන දින දක්වා අයඳුම්පත් බාර ගනු ඇත. රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයඳුම්පත් මේ වනවිට තැපැල් මඟින් යොමුකර ඇති අතර අයඳුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් තිබේනම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග …

ජාතික තවුහිද් ජමාත් කොළඹ සංවිධායක 07 වැනිදා තෙක් රිමාන්ඩ්

පැය 72ක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම සැකකරු අද (02) කෙසෙල් වත්ත පොලීසිය මඟින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය. මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා …

යුද හමුදාව හැර ගිය 5900ක් යළි සේවයට

ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ දී මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු පමණ යුද හමුදා සේවයට වාර්තා කර තිබේ. නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු මහතා සඳහන් කළේය. නීති්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින්ට නීත්‍යානුකුළව සේවයෙන් ඉවත් …

මධුෂ්ගේ තීන්දුව අද

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පසුගිය 18වනදා අදාළ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ ඩුබායි අධිකරණය පැවසුවේ, අද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි. මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි පැවසෙන්නේ තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි. පසුගිය පෙබරවාරි 05වන …

පාසල් හා සරසවිවලට අද සිට දැඩි රැකවල්

දිවයින පුරා ඇති පාසල් දස දහසකට වැඩි ප්‍රමාණයකත් සියලුම රජයේ සහ රජයේ නොවන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සියලුම පන්සල්වල අද සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේත් සම්බන්ධතාවෙන් දැවැන්ත ආරක්ෂක සැළසුමක් ක්‍රියාත්මක වෙයි. ලබන 06 වැනිදින රටේ සියලු පාසල් වල විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු කටයුතු ආරම්භ වන බැවින් එදිනට පෙර මෙම සියලු ස්ථානවල …

මංගල ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත. රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වෙයි. ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සේම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය …

සයින්දමරුදු ප්‍රහාරය සඳහා පුද්ගලයින් සහ බෝම්බ ප්‍රවාහනය කළ වෑන් රථය හුමවෙයි

සයින්දමරුදු ප්‍රහාරය සඳහා පුද්ගලයින් හා බෝම්බ ප්‍රවාහනය කල බවට සැක කරන 250-5680 දරණ වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අදාළ වෑන් රථව මරදන්කඩවල ප්‍රදේශයේදී පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි. අද දෙරණ

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට වන්දි ගෙවීම හෙට සිට

පාස්කු ඉරිදා පිපිරිම් වලින් තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබාදීම හෙට(30) සිට ආරම්භ කරන බව රජය ප‍්‍රකාශ කළේය. පිපිරිම්වලින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදලක් එක් අයෙකු වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බවය. මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දහයකි. ඉන් ලක්ෂයක මුදලක් අවමංගල්‍ය කටයුතු …

නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. (කොළඹ, ලංකාපුවත්) –

123...6Page 1 of 6

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Latest Reviews

Entertainment

Load more

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120