Home Local ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්.. මන්ත‍්‍රීන් 49ක් එක්වෙයි..

ඩලස් මුල් කරගෙන නව සන්ධානයක්.. මන්ත‍්‍රීන් 49ක් එක්වෙයි..

1 second read
0
0
60

ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ සවස රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී මැතිවරණ කොමිෂම මුණගැසිණි.

මෙම සාකච්ඡාව සඳහා ඩලස් අලහප්පෙරුම මහතා සමඟ මන්ත්‍රීවරු දහතුන් දෙනෙක් සහභාගි වූ බවට වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි. මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදුව තිබේ.

කෙසේ නමුත් ඉදිරියේදී බිහිවන නව දේශපාලන බලවේගයක මූලික නීතිමය කාරණා නිරාකරණය කර ගැනීමට මෙම පිරිස පැමිණි බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දැනට පොහොට්ටුවේ ඉතිරිව ඇති මන්ත්‍රීන් 117 දෙනාගෙන් 49 දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා සමග නව දේශපාලන බලවේගයකට දැනටමත් එක්ව ඇති බවයි.

දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්යවරු, ආචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවන් හා නීතිඥවරුන්ගෙන් සිව් දෙනකු හැර සියලු දෙනා මෙම නව බලවේගයට එක්ව ඇති බව ද වාර්තා වේ.

“හැකියාවට සහ නිර්මාණශීලීත්වයට මුල්තැන දෙමු; දූෂණය, අන්තවාදය සහ පවුල්වාදය පිටු දකිමු” යන්න නව දේශපාලන බලවේගය සිය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Lanka Cnews

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව හෙට වරායට ….

ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව හෙට දින…