Home Local ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව හෙට වරායට ….

ඉන්දීය ණය පහසුකමේ අවසන් තෙල් නැව හෙට වරායට ….

0 second read
0
0
49

ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලැබෙන මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් අවසන් ඉන්ධන නෞකාව හෙට දිනයේ දිවයිනට ළගා වීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රජයට යෝජනා 10 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඉන්ධන පරිහරණය අවම කර ගැනීම සඳහායි.

මේ අතර, කඩිනම් ගාස්තු සංශෝධනයක් සදහා රජය ප්‍රතිපත්ති තීන්දුවක් ගතයුතු බව දුම්රිය සාමන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ඉහල යන ඉන්ධන මිල දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ වනවිට දුම්රිය සේවාවන්හි දැඩි මගී තදබදයක් පවතිනවා.

මේ අතර, ඉන්ධන හිඟය සහ ඉන්ධන සදහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම මත ජනතාව වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියත්මක කරන විශේෂ පොදු ප්‍රවාහන සේවාවන් කිහිපයක් අද සිට ආරම්භ කෙරුණා.

ඒ යටතේ අද සිට පාසල් සිසුන් සදහා කොළඹට පැමිණෙන මාර්ග කිහිපයක් ඔස්සේ බස්රථ 20ක්ද ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබුණේ.

කොළඹ නගරය ආශ්‍රීතව පාර්ක් ඇන්ඩ් රයිඩ් මගී ප්‍රවාහන සේවාවද අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරුණේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

චම්පික ඇතුළු ස්වාධීන කණ්ඩායම එකම ගමනක …

එකට ගමනක් යෑම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ජේෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම එක්වී විශේෂ මාධ්‍යය හම…