
එකට ගමනක් යෑම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ජේෂ්ඨ මන්ත්‍රී කණ්ඩායම එක්වී විශේෂ මාධ්‍යය හමුවක් අද දින (15) වැත්වීය.
එහි පළමු අදියර ලෙස 21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ.
43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුලු පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න යන හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය
එහිදී 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු රැසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ එක මතයක් දරණ පිරිසකින් කිහිපදෙනෙක් අද දින මෙම මාධ්‍ය හමුවට එක්වී ජනතාව දැනුවත් කිරීමට තීන්දු කළ බව මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සඳහන් කළේය.