Home Local ගෝඨාභය මාල දිවයිනට පනී – අගමැති කාර්යාලය තහවුරු කරයි

ගෝඨාභය මාල දිවයිනට පනී – අගමැති කාර්යාලය තහවුරු කරයි

0 second read
0
0
49
gotabhaya flyies to maldives

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත් ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග ද සදහන් කළේය.

ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.

මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

හදිසි නීති අවස්ථා සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදි…