Home Local රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ කීර්තිරත්නට ඇප ..

රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ කීර්තිරත්නට ඇප ..

2 second read
0
0
21
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කෑගල්ල මහ අධිකරණය නියෝග කර තිබෙනවා.
සිද්ධියට අදාළව කෑගල්ල හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය පසුගිය දා නියෝග කළා.
ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා රඹුක්කන ජනයා අප්රේල් 19 වන දා රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම් හල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ විරෝධතාවක් පවත්වමින් සිටියදී කෑගල්ල කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව, පොලිස් නිලධාරීන් තිදෙනෙකු විරෝධතාවේ නියැළී සිටි පිරිස වෙත වෙඩි තැබීමක් කර තිබුණා.
එම වෙඩි තැබීමෙන් රඹුක්කන, හිරිවඩුන්න, නාරංබැද්ද, කරදගස්තැන්න ලිපිනයේ පදිංචිව සිටි කේ.ඩී. චමින්ද ලක්ෂාන් නමැති 42 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත් වුණා. ඊට අමතරව තවත් සිවිල් වැසියන් 13 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළා.
(A5 News Sri Lanka)
Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

හදිසි නීති අවස්ථා සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදි…