Home Local ස.ජ.බ – ජනපති හමුව

ස.ජ.බ – ජනපති හමුව

2 second read
0
0
14
කි.මි. 3.3ක දුර ගෙවාගෙන සජබ මන්ත්රී කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව ජනාධිපතිවරයාගේ යෝජනාව ගැන සාකච්ඡා කිරීමට බස් රථයක පැමිණ තිබුණා. ඊට සජබ පක්ෂයේ නායක සජිත් ප්රේමදාස සමඟ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අයද එක්ව සිටියා. නියෝජිත කණ්ඩායම වෙන්වෙන්ව තම මෝටර් රථ වලින් සර් මාර්කස් ප්රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ එතැන් සිට ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගියේ බස් රථයකින්.
ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව එම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්රමසිං විසින් ඉල්ලා තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු සජබ සමඟ අද (05) පැවති හමුවේදී ජනාධිපතිවරයා කියා ඇත්තේ පැමිණි සියලු දෙනා තමන් සමඟ වැඩ කළ අය නිසා ගැටළුවක් නොමැති බවයි.
“සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස අපි සියලු පක්ෂවලට ආරාධනා කළා. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ආර්ථිකය දැන් අසීරු තත්වයකයි තිබෙන්නේ. මේ තත්ත්වයෙන් ගොඩඑන්න සියලුදෙනා එක්වෙලා ආණ්ඩුවේ ඇමති ධුර භාර අරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මේ රට ගොඩනගන්න කටයුතු කරන්න ඕනෑ. මම සමගි ජන සන්ධානයට ආරාධනා කරනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වෙලා අපිත් එක්ක කටයුතු කරන්න. මේ සියලු දෙනා මමත් සමග වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුළුවන්.
පසුගියදා සිදුවූ ප්රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් අපිට හිදිසි නීතිය පැනවීමට සිදු වුණා. එහෙත් හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ වුණාට ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙනවා. එහිදී හදිසි නිතිය අවශ්යයි” යනුවෙන් ජනාධිපතිවරයා පවසා තිබුණා.
මෙහිදී විපක්ෂනායක සජිත් ප්රේමදාස පවසා ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වන සංශෝධනය එලෙසින්ම ඉදිරියට ගෙන යන ලෙස තමන් යෝජනා කරන්න කැමැති බවයි.
“එදා ඔබතුමා රටේ අගමැතිවරයා ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට නායකත්වය ලබා දුන්නා. එය ඉතා යහපත් පියවරක්. එම නිසා එය තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා. 19 වන සංශෝධනය යටතේ ව්යවස්ථාපිත කවුන්සිලයක් පත් කරන සංඛ්යාව 20 වන සංශෝධනයෙන් වැඩිකර තිබෙනවා. එය 19 වන සංශෝධනයේ තිබුණු පරිදිම තබා ගැනීම ඉතා වැදගත් බව සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම දැනට ක්රියාත්මක හිදිසි නිතිය වහා ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා” යි ඔහු කියා තිබෙනවා.
(A5 News Sri Lanka)
Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

හදිසි නීති අවස්ථා සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදි…