Home Local කැන්ගරු කෙල්ල පරදා ලෝකඩ පදක්කමක් ගත් නෙත්මි අහිංසා ..

කැන්ගරු කෙල්ල පරදා ලෝකඩ පදක්කමක් ගත් නෙත්මි අහිංසා ..

0 second read
0
0
27

22 වන පොදුරාජ්‍ය මණ්ඩ‍ලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ ඊයේ  (05) සමත්වූවාය.

එම තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ නෙත්මි අහින්සා ලැබූ ජයග්‍රහණය ශ්‍රී ලංකාවාසීන් වෙත දැනුම් දී සිටියේ මෙසේය.

ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගෙන සිටියි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව තවමත් පෙරමුණේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 25 වන ස්ථානය යි.

මේ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට ලක්ෂිණි සාරංගි ඊයේ සුදුසුකම් ලබා ගත්තාය.

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

හදිසි නීති අවස්ථා සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදි…