Home Hot Stories තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාවක්

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් අවස්ථාවක්

13 second read
0
0

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිව වූ සියලු රජයේ සේවකයින්ට අද (07) දිනයේත් ඒ සඳහා අවස්ථාව ලබා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙතෙක් තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වූ සෑම රාජ්‍ය සේවකයෙකුටම තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිතා කිරිමට පහසුකම් සලසා ඇති බවයි.

අද පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ ඒ සඳහා අවස්ථාව ලබා දි ඇත.

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය මස 31 නොවැම්බර් මස 01, 04 සහ 05 යන දිනවලදී සිදු කෙරුණි.

අදාල දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට අද දිනයේ ඒ සඳහා අවසන් අවස්ථාව හිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් හය ලක්ෂ 59,317 දෙනෙකු සුදුසුකම් ලබා සිටියේය.

ada derana

sri lanka news, sri lanka latest news, local news, Second phase of postal voting to commence today

 

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක…