Home Latest News නවදිල්ලියේ වායු දූෂණය අනතුරුදායක ලෙස ඉහළට

නවදිල්ලියේ වායු දූෂණය අනතුරුදායක ලෙස ඉහළට

7 second read
0
0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇත.

විදෙස් වාර්තා පවසන්නේ නවදිල්ලි අගනුවරට ඉහළ වායුගෝලයේ වායු දූෂණය තවමත් ඉහළ අගයක පවතින බවයි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

එය මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයට අතිශය අහිතකර අගයක පවතින බවත් මෙම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

පසුගියදාද දිල්ලි වායුගෝලයේ වායු දූෂණ අගය, වායු තත්ත්ව පරික්ෂා දර්ශකයට අනුව ඒකක 300ක අගයක් ලෙසින් දැක්වුණි.

දිල්ලි වැසියන් පෙන්වාදෙන්නේ, පසුගිය දිනකිහිපයේදී යම්තාක්දුරට වායුගෝලයේ ප්‍රමිතිය යථා තත්ත්වයට හැරෙමින් පැවතියත් නැවතත් එය වඩාත් අපවිත්‍ර වෙමින් පවතින බවයි.

නවදිල්ලි අගනුවර වායුගෝලයේ ක්ෂුද්‍ර කොටස් 407ත් 500ත් අතර ප්‍රමාණයක් පවතින බව නිෂ්චිතව හදුනාගැණුනේ පසුගිය 04වැනිදායි.

එම තත්ත්වය සලකා නවදිල්ලි අගනුවර සෞඛ්‍ය අවදානම් අනතුරු ඇගවීමක් නිකුත් කිරීමටත් ඉන්දීය බලධාරීන් පසුගියදා කටයුතු කළේය.

එමෙන්ම අගනුවර වෙත රථ වාහන ඇතුලු වීම පාලනයට හා අගනුවර පාසල් වසා දැමීමටත් රජය තීරණය කළේ පවතින අවදානම සලකමින්.

ada derana

world news, latest world news, Air pollution in Delhi

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක…