Home Hot Stories අලුත් අවුරුද්දේ ජාති භේදයකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබේවා – අගමැති

අලුත් අවුරුද්දේ ජාති භේදයකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබේවා – අගමැති

0 second read
0
0

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් කියා සිටියේය.

අලුත් අවුරුද්ද කේන්ද්‍රකොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි සියල්ල සොබාදහම සහ මිනිසා අතර වන සහසම්බන්ධතාව අලුත් කරන බව කී අගමැතිවරයා, එබැවින් අලුත් අවුරුද්ද යනු මනුෂ්‍ය සමාජය තුළ ආදරය, ගෞරවය, සහෝදරත්වය, එකමුතුකම වැනි මානව වටිනාකම් ගොඩනැංවීම ඉලක්ක කරගෙන නිර්මාණය වූවක් බවද පැවසීය.

උතුරු – දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලුත් අවුරුද්ද අපේ ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් බවත් අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් බවත් එහි සඳහන් වේ.

ලක්වැසි ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලුත් අවුරුද්දක් වේවායි අගමැතිවරයා හෘදයාංගමව සුභාශිංසන එක් කළේය.
(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…