Home Latest News නිය­ඟ­යෙන් පීඩා­වට පත්වූවන්ට පානීය ජලය දෙන්න ප්‍රති­පා­දන

නිය­ඟ­යෙන් පීඩා­වට පත්වූවන්ට පානීය ජලය දෙන්න ප්‍රති­පා­දන

0 second read
0
0

දිව­යිනේ දිස්ත්‍රික්ක ගණ­නා­වක පව­තින නියං සහ­ගත තත්ත්වය නිසා පීඩා­වට පත්වී සිටින ජන­තා­වට අවශ්‍ය පානීය ජලය ලබා දීමට අවශ්‍ය ප්‍රති­පා­දන දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් වෙත යවා ඇති බව රාජ්‍ය පරි­පා­ලන හා ආපදා කළ­ම­නා­ක­රණ ඇමැති රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පැව­සීය. මේ මුදල් ප්‍රමා­ණ­වත් නොවේ නම් අව­ශ්‍ය­තාව අනුව ප්‍රති­පා­දන වැඩි­කි­රී­මට දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් දැනු­වත් කර ඇති බවත් ඇමැ­ති­ය­ව­රයා අව­ධා­ර­නය කළේය.

ඒ මහතා මේ අද­හස් පළ­කලේ ඊයේ( 10 දා) ආපදා කාල­ම­නා­ක­රණ අමා­ත්‍යං­ශ­යේදී රුපි­යල් මිලි­යන 350 ක් පමන වටිනා ආපදා හදිසි ප්‍රති­චාර දැක්වීම් කට්ටල බෙදා දීමේ උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වෙ­මිනි.

ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද කීය.

ජාතික ආප­දා­වන් සඳහා කල් තියා සූදා­නම් විමේ අව­ශ්‍ය­තාව රටක් ලෙස අපට ඇතිවී තිබෙ­නවා.ඉදි­රියේ ඇති­වන කව­රා­කා­රවූ ආපදා තත්ත්ව­ය­කට වුවත් මුහුණ දිය හැකි ලෙස අප ශක්ති­මත් විය යුතුයි.ගෝලීය දේශ­ගු­ණික තත්ත්ව­යන්ගේ බල­පෑ­මට අප­ටත් අද මුහුණ දීමට සිදුව තියෙ­නවා.මේ තුළ අද අපේ රටේ උෂ්න­ත්වය වෙන කව­ර­දා­ටත් වඩා සෙල්සි­යස් අංශක 3 ක් 4 ක් පමන ඉහළ ගොස් තිබෙ­නවා.

මේ ආධාර ප්‍රධා­නය යටතේ රබර් බෝට්ටු , අඟුල් , වතුර පොම්ප , යාන්ත්‍රික කියත්, ජීවි­තා­ර­ක්ෂක කබා මෙන්ම ජීවි­තා­ර­ක්ෂක කඹ ඇතුලු උප­ක­රණ රැසක් ත්‍රිවිධ හමු­දා­වට හා දිස්ත්‍රික් ආපදා සහන මධ්‍යා­ස්ථාන වෙත බෙදා දීම සිදු­කෙ­රුණි.

මෙහිදී තව­දු­ර­ටත් අද­හස් පළ­කල ඇමැ­ති­ව­රයා මෙසේද කීය.

අප රටේ ආපදා කොටස් දෙකක් තියෙ­නව.එකක් ස්වභා­වි­කව ඇති­වන තත්ත්ව­යන්.අනික් එක මිනිසා විසින් ඇති කර­ගන්න විපත් .මේ කොටස් දෙකෙන්ම පීඩා­වට පත්වන ජන­තා­වට සහන දෙන්න අපි කට­යුතු කර­නව.විශේ­ෂ­යෙන් කඳු­ක­රයේ මේ දින­වල පව­තින වියලි කාළ­ගු­ණය තුළ ඇතැම් පිරිස් කඳු ගිණි­තැ­බීම් සිදු­ක­ර­නව.මේ නිසා අපේ වන සම්පත විශාල තර්ජ­න­ය­කට මුහු­ණ­දීල තියෙ­නව.2017 වසරේ කැලෑ ගිණි තැබීම් වාර්තා­වෙල තියෙන්නෙ 100 වගේ ප්‍රමා­න­යක්.2018 මේ තත්ත්වය යම් ප්‍රමා­න­ය­කින් අඩු­වුණා.නමුත් අවා­ස­නා­ව­කට 2019 මුල් මාස තුනේ විත­රක් කැලෑ ගිණි තැබීම් 50 ක් වාර්තා වෙලා තියෙ­නව.මේ ගැන රටේ ජන­තාව සංවේදී විය යුතුයි.කැලෑ ගිණි තැබීම තුළ දැනට තියෙන සිය­යට 29 ක් පමන වන කැලෑ විනාශ වෙනවා.ඒ නිසාම ජලය සිඳි­යාම වෙනවා.අනෙක් අතට දරන්න නොහැකි උෂ්ණ­ත්ව­ය­කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.මේ ගැන කුඩා දරු­වාගේ පටන් වැඩි­හි­ටියා දක්වා සැල­කි­ලි­මත් විය යුතුයි.මේ තත්ත්වය තුළ දැනට කොළඹ හා ප්‍රධාන නගර වල පම­නක් ස්ථාපිත කරල තියෙන ගිණි නිවීම් ඒකක රට­පුරා ව්‍යාප්ත කිරී­මට අපි කට­යුතු කල යුතු වෙනවා.

ඇතැ­මුන් අහන්න පුලු­වන් නිය­ගය තියෙද්දි බෝට්ටු බෙදන්නෙ මොකද කියල.ආපදා කියන එක කලින් කියල එන විනා­ශ­යක් නොවෙයි. මේ නිසා කල්තියා සූදා­නම් වීම ආපදා හානි අවම කර­ගැ­නී­මට විශාල පිටි­ව­හ­ලක් වෙනවා.දැන් තවත් ආපදා තත්ත්ව­යක් වාර්තා­වෙන්න පටන් අරන් තියෙ­නවා.ඒ තමයි දියේ ගිලී වන ජීවිත හානි.වස­ර­කට 800 ක් පමන මෙලෙස මිය­ය­නවා,මේ ගැනත් අපි දැන් හිතන්න ඕන.මේ ආපදා තත්ත්ව­යන් සියල්ල සම්බන්ධ වන්නේ කාල­ගු­ණ­යත් එක්ක .මේ නිසා කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ශක්ති­මත් කිරී­මට අපි දැන් කට­යුතු යොද­මින් ඉන්නව.

සිය­යට සිය­යක් නිවැ­රදි අනා­වැකි කියන්න පුලු­වන් ලෙස ජපන් රජයේ ජයිකා ආධාර යටතේ මේ ආය­ත­න­යට නවීන උප­ක­රන ලබා දීමේ කට­යුත්ත දැන් සිදු­කෙ­රෙ­මින් පව­ති­නව.මෙවැනි දේට අප වගේ දිව­යි­නක් වැඩි වැඩි­යෙන් මුදල් යෙද­විය යුතුයි කිය­ලයි මම විශ්වාස කරන්නේ.ඒ තුළ වඩා සුර­ක්ෂිත රටක් නිර්මා­ණය කිරීමේ හැකි­යාව අපට ලැබෙ­නවා .”යැයිද ඇමැ­ති­ව­රයා මෙහිදී පැව­සීය.

රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යං­ශයේ අති­රේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා ඇතුලු අමා­ත්‍යංශ නිල­ධා­රීන් , ත්‍රිවිධ හමු­දාවේ හා පොලි­සියේ මෙන්ම සිවිල් ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් රැසක් මෙම අව­ස්ථා­වට සහ­භාගී වි සිටි­යහ.”

උදුලා පීරිස්ඡ(දිනමිණ) ඡයා­රූ­පය කැලුම් ලිය­නගේ

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…