Home World ට්‍රම්ප් ජුනි මාසයේ එංගලන්තයේ සංචාරයක

ට්‍රම්ප් ජුනි මාසයේ එංගලන්තයේ සංචාරයක

0 second read
0
0

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන ජූනි මාසයේ දී එක්සත් රාජධානියේ දින තුනක සංචාරයක නිරත වන බවත් එමගින් පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් වනු ඇති බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විශ්වාසය පළ කරයි.

මේ අතර එංගලන්තයේ බකිංග්හැම් මාලිගය නිවේදනය කරන්නේ එළිසබෙත් රැජිණ විසින් කරන ලද ආරාධනය පිළිගනිමින් ජනාධිපති ට්‍රම්ප් ජූනි තුන් වැනිදා සිට පස් වැනි දා දක්වා එරට සංචාරය කරන බවයි. එහිදී අගමැතිනි තෙරේසා මේ සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වුවත් අමෙරිකානු ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අගමැතිනිය අතර වැඩි සුහදතාවයක් නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක්ව තිබිණි.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

නවසීලන්තය-ශ්‍රී ලංකා‍ව දෙවන ටෙස්ට් තරගයට වැස්ස හරස්වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට මේ …