Home Hot Stories මධුෂ්ගේ තීන්දුව අද

මධුෂ්ගේ තීන්දුව අද

0 second read
0
0

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරනවා ද නැද්ද යන්න පිළිබඳ ඩුබායි අධිකරණ තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය 18වනදා අදාළ පෙත්සම සළකා බැලූ අවස්ථාවේ ඩුබායි අධිකරණය පැවසුවේ, අද තීන්දුව ප්‍රකාශයට පත් කරන බවයි.

මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි පැවසෙන්නේ තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමිනි.

පසුගිය පෙබරවාරි 05වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂන පවත්වා පුද්ගලයින් 30 දෙනෙකු මේ වනවිට අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…