Home Business රුසියානු සංචාරකයන් 52ක් ශ්‍රී ලංකාවට

රුසියානු සංචාරකයන් 52ක් ශ්‍රී ලංකාවට

0 second read
0
0

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට ඊයේ (01) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් ඊයේ උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.

මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.
(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…