Home Hot Stories දඹුල්ල විහාරයේ විහාරාධිපති හිමිගෙන් කෝටි 10ක කප්පමක් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

දඹුල්ල විහාරයේ විහාරාධිපති හිමිගෙන් කෝටි 10ක කප්පමක් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට

0 second read
0
0

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක මුදලක් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් දඹුල්ල පොලීයිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පසුගිය මැයි 20 වනදා උන්වහන්සේට ජවාඩ් සංවිධානය නමින් දුරකථන ඇමතුමක් ලබා දී මරණ තර්ජන එල්ල කරමින් කෝටි 10ක කප්පම් මුදල ඉල්ලා ඇත.

පසුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කොට ඇති අතර ඒ අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අපරාධයට යොදාගත් බව කියන ජංගම දුරකථන 3ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඔවුන් වයස අවුරුදු 19, 25, 34 වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.

දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(අද දෙරණ )

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…