Home World දෙවැනි ලෝක යුද්ධයේ දී වෙන්වූ ආදරවන්තයින් හමුවෙයි

දෙවැනි ලෝක යුද්ධයේ දී වෙන්වූ ආදරවන්තයින් හමුවෙයි

0 second read
0
0

දෙවැනි ලෝක යුද සමයේ දී වෙන් වූ ආදරවන්තයින් දෙදෙනකු මාධ්‍යවේදියකු ගේ මැදිහත් වීමෙන් යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 1944 දී ප්‍රංශයේ සේවය කළ අමෙරිකානු සොල්දාදුවකු වූ කාරා ට්‍රෝයි රොබින්ස් එවකට 18
හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ යුවතියක වන ජීනයින් පියර්සන් සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවය හදිසියේම ඔහුට ආපසු අමෙරිකාවට යාමට සිදු වීමත් සමග ගිලිහී ගොස් තිබේ.

යුද්ධයෙන් පසු ඔහු ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇති බවට වූ විශ්වාසය මත ඇය ඉංග්‍රීසි භාෂාව උගෙන ගැනීමට ද පෙළඹී ඇති නමුත් ඔහු කලකට පසුව අමෙරිකාවේ දී විවාහ වී ඇත.

කෙසේ වෙත් මේ මස පැවැති යුද විරු සැමරුමට ප්‍රංශයට පැමිණි ට්‍රෝයි ප්‍රංශ මාධ්‍යවේදීන් කිහිප දෙනකු හමුවේ තමන් සතු ඇයගේ ඡායාරූපයක් පෙන්වා ඇය පිළිබඳව තොරතුරක් සොයා දෙන ලෙස ඉල්ලා තිබේ.

වසර 75 කට පසු ට්‍රෝයි- ජීනයින් දෙපළගේ මුණ ගැසීම ඉතා හැඟුම්බර වූ බවත්, මේ වන විට ඔවුන් දෙදෙනාම වැන්දඹුවන් වන බවත් ඔවුන් මුණ ගැස්වීමට මුල් වූ මාධ්‍යවේදියා සඳහන් කරයි.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…