Home Business ෂැන්ග්‍රී ලා අද සිට යළි විවෘතයි

ෂැන්ග්‍රී ලා අද සිට යළි විවෘතයි

0 second read
0
0

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රී ලා හෝටලය අද (12) සිට නැවත විවෘත කෙරේ.

ඒ අනුව පස්වරු 06.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය පවසන්නේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු අතර ෂැන්ග්‍රී ලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කෙරිණි.

ෂැන්ග්‍රී ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි. ෂැන්ග්‍රී ලා සමූහය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය සති හතක කාලයේ දී ලැබුණු සහයෝගය සදහා දේශීය අධිකාරියන්ට හා ගෝලීය ප්‍රජාවට කෘතඥතාව පළ කරන බවයි.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…