Home Latest News ලසන්ත, තාජුඩීන්, සේවකයන් 17 සහ සිසුන් 11 ඝාතන පරීක්ෂණ කඩිනම් කරන්න – පොලිසියට නීතිපතිගෙන් නියෝගයක්

ලසන්ත, තාජුඩීන්, සේවකයන් 17 සහ සිසුන් 11 ඝාතන පරීක්ෂණ කඩිනම් කරන්න – පොලිසියට නීතිපතිගෙන් නියෝගයක්

1 second read
0
0

මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ ක්‍රියා 04ක් සම්බන්ධ පරීක්ෂණ කඩිනමින් අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙ‍නෙවිය මේ බව සඳහන් කළාය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුදීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සහ මුතුර් Action Farm රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයින් 17 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදී සිද්ධීන්ට අදාළ පරීක්ෂණවල අනිසි ප්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර තිබේ.

එබැවින් එම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩි දුරටත් සඳහන් කළාය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…