Home Hot Stories කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන්ගේ නිවාස ප්‍රශ්නයට සජිත්ගෙන් වැඩසටහනක්

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන්ගේ නිවාස ප්‍රශ්නයට සජිත්ගෙන් වැඩසටහනක්

0 second read
0
0

කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ “බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සම්බුදු සසුනේ මුර දේවතාවන් වන මහා සංඝරත්නය සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් විශේෂ නිවාස අධාර ක්‍රමයක් ආරම්භ කර, ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකර දීම මෙහි මූලික අරමුණ බවත්, බුදු සසුනට ලබා දිය යුතු ඉහළම තැන ලබා දී ප්‍රයෝගික සංවර්ධනය තුළින් බුදු සසුන බැබලවිමට කටයුතු කිරීම මෙම සෑම වැඩපිළිවෙලකම අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව සම්බුදු සසුන සුරක්ෂා කිරීමට අප බැඳී සිටින බැවින් බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන් ඇප කැප වී තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2019 පොසොන් පුන්‍යෝත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 2272 ක වියදමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) දින සහභාගී වෙමිණි.

රුපියල් ලක්ෂ 300 වියදමින් ඉදිකළ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංගාවාස ගොඩනැගිල්ල සඟසතු කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන්ම සිදුවිය. අනතුරුව මතු සඳහන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුකෙරිණි.

01. රුපියල් ලක්ෂ 83 වියදමින් ඉදිකෙරෙන  පොදු පහසුකම් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම.

02. රුපියල් ලක්ෂ 605 වියදමින් ඉදිකෙරෙන ධර්ම ශාලාව සඳහා මුල්ගල තැබීම

03. රුපියල් ලක්ෂ 20 වියදමින් ඉදිකෙරෙන සනීපාරක්ෂක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම.

04. රුපියල් ලක්ෂ 40 වියදමින් ඉදිකෙරෙන “කාවන්තිස්ස දහම් පාසල් ගොඩනැගිල්ලට” මුල්ගල තැබීම

05. රුපියල් ලක්ෂ 382 වියදමින් සඳගිරි ස්ථූප මාර්ගය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කිරීම ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් රැසක් සිදු කෙරිණි.

අමාත්‍යවරයාගේ උපදෙස් පරිදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙර්. තිස්සමහාරාම සඳගිරි උබය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමියන්ගේ අනුශාසනා පරිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මෙවර තිස්සමහාරාම පොසොන් පුන්‍යෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…