Home Latest News බීඩි කොළ කිලෝ 946ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

බීඩි කොළ කිලෝ 946ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

1 second read
0
0

නාවික හමුදාව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (16) සිදු කළ වැටලිමකදි බීඩි කොළ කිලෝ ග්‍රෑම් 946.8  ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදී නිවසක් තුළ ගබඩා කර තිබු බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් 30 ක් අසුරා තිබිණි.

තවද, වැඩිදුර විමර්ශනයේදී මෙම බීඩී කොළ තොගය වෙරළ ප්‍රදේශයේ සිට අදාල නිවස වෙත ප්‍රවාහන කිරීමට යොදා ගත් කරත්තයක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 48 ස‍හ 60 ක් වන මන්නාරම තාරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩි කොළ තොගය, පුද්ගලයින් සහ කරත්තය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගුව වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 14000 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…