Home Hot Stories වෛද්‍ය නවීන්දගේ පෞද්ගලික සායනයට එල්ල වු බියගුළු ප්‍රහාරය අනුමත කරන්නේ නෑ-රාජිත

වෛද්‍ය නවීන්දගේ පෞද්ගලික සායනයට එල්ල වු බියගුළු ප්‍රහාරය අනුමත කරන්නේ නෑ-රාජිත

1 second read
0
0

වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනට එල්ල වී ඇති බියගුළු ප්‍රහාරය අනුමත නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අද(28) උදෑසන එම අමාත්‍යාංශය විසින් මේ බව සඳහන් කර තිබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග මතවාදී ගැටුම් පැවතුනත් එම සංගමයේ උපලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයට එල්ල වී ඇති ප්‍රහාරය දැඩිව හෙළා දකින අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

කළුතර වස්කඩුවේ පිහිටි පෞද්ගලික වෛද්‍ය සායනයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව මාධ්‍ය මඟින් තමන් පළමු වරට දැනුවත් වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

වෛද්‍ය නවීන්ද සොයිසා මහතාට වස්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය සායනයක් තිබෙන බව තමන් නොදන්නා බවත්, මෙවැනි බියගුළු ක්‍රියාවන් අනුමත නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරය පිළිබදව දැනුවත් වූ විගස අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වරදකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙසත්, තමන් උසස් පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටි බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …