Home World අමෙරිකා-රුසියා න්‍යෂ්ටික සම්මුතියෙන් රුසියාව ඉවත් වෙයි

අමෙරිකා-රුසියා න්‍යෂ්ටික සම්මුතියෙන් රුසියාව ඉවත් වෙයි

3 second read
1
0

අමෙරිකාව සමඟ එළඹි න්‍යෂ්ටික සම්මුතියෙන් ඉවත්වීමේ පනතකට රුසියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.

1987 වර්ෂයේ ඇතිකර ගත් අමෙරිකා-රුසියා ඓතිහාසික න්‍යෂ්ටික සම්මුතියෙන් රුසියාව ඉවත්වන බව තහවුරු වී ඇත.

ඒ සිය සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පතට එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමි වීමත් සමඟයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පතට පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවුණේ ඉකුත් ජූනි මස 18 වැනිදායි.

1987 වර්ෂයේ අමෙරිකාව සහ එවකට සෝවියට් සංගමය අතර පැවති බල අරගලයේ උත්සන්නම අවස්ථාවේ දී රටවල් දෙකේ නායකයින් මෙම ගිවිසුමට එළඹ ඇත.

INF නමින් හඳුන්වන මෙම න්‍යෂ්ටික සම්මුතිය පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට ලක් වූ කරුණකි.

එසේම, ලොව පුරා න්‍යෂ්ටික අවි උදෙසා පවතින තරගය හේතුවෙන්, මුළුමහත් මානව වර්ගයාටම බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඓතිහාසික INF සම්මුතියට අනුව, කිලෝමීටර 500 – 5,000ත් අතර ප්‍රදේශයේ න්‍යෂ්ටික මිසයිල් අත්හදා බැලීම ද තහනම් කෙරුණි.

රුසියාව අදාළ ගිවිසුම උල්ලංගණය කරන බව පවසමින් මාස 6ක් ඇතුළත න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ ප්‍රකාශ කළේය.

එහිදී ජනපති පුටින් කියා සිටියේ ඉන් වහා ඉවත් වීමට තම රට සූදානම් බවයි.

එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය මෙන් රුසියාව ද මැදි දුර න්‍යෂ්ටික මිසයිල සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ජනපති පුටින් සඳහන් කළේ නව අවි තරගයක ආරම්භයක් සලකුණු කරමිනි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

One Comment

  1. sura

    June 29, 2019 at 4:54 pm

    Not only the Russia, all countries should leave from every agreements signed with Trump’s government.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…