Home Hot Stories චන්ද්‍රිකාගේ සහයත් සජිත්ට…….???

චන්ද්‍රිකාගේ සහයත් සජිත්ට…….???

0 second read
1
1

රාජ්‍ය බලය නැමැති හැන්ද රටේ ජනතාව විසින් තමන්ට ලබා දෙනවා නම්එදිනට ජාත්‍යන්තරය සමඟින් ශක්තිමත්ව ගනුදෙනු කරමින් තමන් වැඩ පෙන්වන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ඇතැම් පිරිස්‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන බවත්, තමන් පිටරටවල් සමඟින් ගනුදෙනු කරන විට මාතෘ භූමියට අගයක් එක් කරමින් ප්‍රතිඵලදායි සංවර්ධනයක් දියත් කරන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාමීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී එතුමා සමඟ සාකච්ඡා කර තමන් කළ ඉල්ලීම මත මෙරට නිවාස සංවර්ධනය සඳහාරුපියල් ලක්ෂ 12,000 ක ආධාරයක්ඉන්දීය රජය විසින් ලබාදුන් බව පැවසූ අමාත්‍යවරයා,‘සජිත් ප්‍රේමදාසගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද’ කියා ප්‍රශ්න කරන පිරිසට එය හොඳ පිළිතුරක් බවත්,අද දින ජනතා අයිතියට පත්වන “රනිදුගම” උදා ගම්මානයද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ සාර්ථක ප්‍රතිඵලයක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ,අත්තනගල්ල, රන්පොකුණගම ප්‍රදේශයේ ඉදිකළ“රනිදුගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (06) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 213 වන ආදර්ශ ගම්මානයමෙය වේ.

“රනිදුගම” උදා ගම්මානයනිවාස 24කින් සමන්විත වන අතරමෙය ඉන්දියානු රජයේ නිවාස ආධාර මත ඉදිකළ ගම්මානයකි.එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ333කි.පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන්24 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ300ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 24 ක හිමිකම නොමිලේ ලබාදීම,ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 946 කට රුපියල් ලක්ෂ 2,048 ක් වටිනා ‘විසිරි නිවාස ණය’,පවුල් 100 ක් සඳහා රුපියල් ලක්ෂ 200 ක් වටිනා‘සොඳුරුපියස නිවාස ණය’, පවුල් 55 ක් සඳහා රුපියල් ලක්ෂ 55 ක් වටිනා නිවාස ණය හා ආධාර, ප්‍රතිලාභීන් 42 කුටරුපියල් ලක්ෂ 177 ක් වටිනා‘විරුසුමිතුරු’ නිවාස ආධාර, ප්‍රතිලාභීන් සඳහා රුපියල් ලක්ෂ 6 ක් වටිනා‘ග්‍රාම ශක්ති’ නිවාස ආධාර,‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ අභ්‍යාසලාභින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා ප්‍රතිලාභ සහදෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින්65දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩිප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජලනි ප්‍රේමදාස,වැඩ බලන ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය ෂිෆාක් එම්අංගුලෙ, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

                         

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

One Comment

  1. Ravi

    July 8, 2019 at 5:54 am

    Chandrikage thattath unp eke indalane giye. oka aluth deyak nevei

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…