Home Latest News සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාවෙන් නඩු

සැම්සුන් සමාගමට ඔස්ට්‍රේලියාවෙන් නඩු

0 second read
0
0

සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකථනවල ජාල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සැම්සුන් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ පිහිනන විට සහ දිය මත ලිස්සා යන ක්‍රියාකාරකම්වල දී ජංගම දුරකථනය භාවිත කළ හැකි බව පෙන්වමින් සැම්සුන් සමාගම ‘ව්‍යාජ’ තොරතුරු ප්‍රචාරණය සිදු කර ඇති බවයි.

නඩු පැවරීමට පෙර සැම්සුන් සමාගම පළ කළ 300කට අධික වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් නැරඹූ බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසන අතර සිය සමාගමේ වෙළෙඳ දැන්වීම්වල නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිට පැමිණිල්ලට වගඋත්තර ලබා දෙන බව සැම්සුන් සමාගම විදෙස් පුවත් වෙත ප්‍රකාශ කර තිබේ.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …