Home World ඇෆ්ගන් නියෝජිතයින්ගේ සාකච්ඡාවක් අතරතුර තලෙයිබාන් ප්‍රහාරයක්

ඇෆ්ගන් නියෝජිතයින්ගේ සාකච්ඡාවක් අතරතුර තලෙයිබාන් ප්‍රහාරයක්

1 second read
0
0

ඇෆ්ගන් නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන අතරතුර තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානයේ එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් 14දෙනෙකු පමණ මියගොස් තවත් 180 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

තලෙයිබාන් සංවිධානයේ සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් කටාර් රාජ්‍යයේදී පැවැත්වුණි.

වසර 17 ක් පැවති ඇෆ්ගනිස්තාන යුද්ධය නිමා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡා ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන්ය.

කෙසේ වෙතත් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශ්වයටම හැකි වී නැත.

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් රජය සමග සාකච්ඡා කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නේ ඇෆ්ගන් රජය රූකඩ යැයි අර්ථ දක්වමිනි.

කෙසේ වෙතත් අනතුරුව දැඩි කොන්දේසි මත අන්තර් ඇෆ්ගන් සමුළුවට සඳහා එක්වීමට ඔවුන් එකඟතාවය පල කළේය.

කටාර් රාජ්‍යය තුළ පැවැත්වෙන දෙදින සමුළුවට සමගාමීව තලෙයිබාන් සංවිධානය සමග සාකච්ඡාවලට එක්වීම සඳහා ඇෆ්ගන් ඉහළ පෙළේ නිලධාරීන් සහ ක්‍රියාකාරීන් ඇතුළුව 60 දෙනෙකු පමණ දෝහාහි රැඳී සිටින බව විදෙස් වාර්තාවල සඳහන්ය.

අමෙරිකාවේ සහය ඇතිව ජර්මානු සහ කටාර් නිලධාරීන් එක්ව මෙම සාකච්ඡා සඳහා මාර්ගය සකස් කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මේ සමුළුව පැවැත්වුණු දින ඇෆ්ගනිස්ථානයේ ජාතික ආරක්ෂක බුද්ධි සේවයේ කාර්යාලයක් අසළ ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගියේය.

මියගිය පිරිස අතරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් අයත්ය.

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ ගස්නි නුවර පිහිටි එම කාර්යාලය අසළ ප්‍රදේශයේදී තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායමක් මෝටර් රථ බෝම්බයක් පුපුරවා හැර තිබුණි.

කාර්යබහුල වේලාවක එල්ල වූ එම ප්‍රහාරයෙන් 180කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

තලෙයිබාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පසුබිමක එල්ල වූ මෙම ප්‍රහාරය හෙළා දකින බව ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…