Home Hot Stories මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අගමැති ඉල්ලීමක් කරයි

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් අගමැති ඉල්ලීමක් කරයි

0 second read
0
0

ඉදිරියේ දී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඊයේ(9) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවක දී මෙම ඉල්ලීම කර ඇත. මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යයයැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඉදිරි මැතිවරණ සඳහා සුදානම් වන්නැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…