Home World මෙක්සිකෝවේ මුදල් අමාත්‍ය කාලෝස් උර්සුවා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මෙක්සිකෝවේ මුදල් අමාත්‍ය කාලෝස් උර්සුවා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

1 second read
0
0

මෙක්සිකෝවේ මුදල් අමාත්‍ය කාලෝස් උර්සුවා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාලව ඔහු විසින් යොමුකර ඇති ඉල්ලා අස්වීමේ ලිපියෙන් එරට වත්මන් පාලනය සහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙක්සිකානු ආර්ථිකයේ විෂමතා රැසක් පවතින බව පෙන්වාදී ඇති මුදල් අමාත්‍යවරයා රටේ ආර්ථික ප්‍රතිපත්ති අන්තවාදයෙන් තොර විය යුතු බව  සදහන් කර ඇත.

ලතින් අමෙරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන මෙක්සිකෝවේ මුදල් අමාත්‍යවරයා ලෙස 64 හැවිරිදි කාලෝස් උර්සුවා 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …