Home Latest News අනතුරකින් තරුණ ජීවිත දෙකක් මහ මඟ නවතී

අනතුරකින් තරුණ ජීවිත දෙකක් මහ මඟ නවතී

1 second read
0
0

මුලතිව් මාන්කුලම සිට තුනුක්කායි දක්වා මාර්ගයේ සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.

ඊයේ(10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලීසිය පැවසූ‍වේ මාර්ගයේ වඩකාඩු ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයේ පැවති වළක වැටී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග‍ය ආසන්නයේ විදුලි කණුවක ගැටී ඇති බවයි.

මාන්කුලම දෙස සිට පාලිනගර් දක්වා ගමන්ගත් කැබ් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් මුලතිව් පාලිනගර් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ගුනාලන් ඩිෂාන්තන් නමැති තරුණයෙක් හා ජීවකුමාර් ජිනුෂන් නමැති තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුර හේතුවෙන් තරුණයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් තරුණයා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් සකස් කළ වළක වැටීමෙන් වාහනය පාලනයෙන් මීදි ගොස් අනතුර සිදුව ඇති බවට සැක පළ කරන බවයි.

අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …