Home Sports නවසීලන්තය අවසන් මහා තරගයට

නවසීලන්තය අවසන් මහා තරගයට

1 second read
0
0

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණි.‍

ඉන්දියාව සහ නවසීලන්ත අවසන් පූර්ව තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ඊයේ දිනයේය.

ඒ අනුව 2008 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී සිය කණ්ඩායම් මෙහෙයවූ විරාත් කෝලි සහ කේන් විලියම්සන් එම තරගය නැවත මතකයට නංවමින් වසර 11කට පසුව නැවත ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක කාසියේ වාසිය උරගා බැලීමට එක්වුණි.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා අද දින පැවත්වීමට තීරණය කෙරුණි.

ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211කි.

ඒ අනුව අද දින නවසීලන්තය සිය ඉදිරි පන්දුවාර 3 දී තවත් ලකුණු 28 ක් රැස් කරමින් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් රැස් කළේය.

ලකුණු 240ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නොසිතූ පීඩනයක් එල්ල කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වූයේ රෝහිත් ෂර්මා, විරාත් කෝලි, ලෝකේෂ් රාහුල් සහ දිනේෂ් කාර්තික් ලකුණු 24 ක් තුළ නැවත ක්‍රිඩාගාරය වෙත හරවා යවමින්ය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …