Home Hot Stories බ්‍රිතාන්‍යයේ සිට ආ කසළ කන්ටේනර් තොගය හරවා යවයි

බ්‍රිතාන්‍යයේ සිට ආ කසළ කන්ටේනර් තොගය හරවා යවයි

1 second read
0
0

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය යළි ආපසු හරවා යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත.

කොළඹ වරායේ ඇති එම කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ සිට භාවිතා කර ලද මේට්‍රස් බව පවසා කසළ තොගයක් මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වෙයි.

කන්ටේනර් සියයක් පමණ මෙලෙස ආනයනය කර ඇති අතර එම කන්ටේනර් තුළ භාවිතා කළ නොහැකි මේට්‍රස් , කාපට් වැනි අපද්‍රව්‍ය පවතින බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය .

මෙමඟින් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බැවින් අදාළ කන්ටේනර් තොගය යළි හරවා යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී ඇත.

මෙම කසළ කන්ටේනර් තොගය යලි හරවා යැවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවත් රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …