Home Sports 19න් පහල සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය 16 දා ඇරඹෙයි

19න් පහල සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය 16 දා ඇරඹෙයි

1 second read
0
0

වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ(12) කොළඹදී පැවැත් වුණි.

පළාත් කණ්ඩායම් 4 ක සහභාගිත්වයෙන් මේ මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 15 දෙනෙකු බැගින් සමන්විත කණ්ඩායම් හතරක් නම් කර තිබේ.

දඹුල්ල සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වලදී මෙහි තරග පැවැත්විමට නියමිත අතර කොළඹ කණ්ඩායම කමිල් මිෂාර විසින්ද, ගාල්ල කණ්ඩායම අභිෂේක් කහදූවආරච්චිගේ විසින්ද, මහනුවර කණ්ඩායම රුවින් පීරිස් විසින්ද සහ දඹුල්ල කණ්ඩායම නිපුන් ධනංජය විසින්ද මෙහෙයවනු ලබයි.

‍ෙඒ අනුව පැවැත්වෙන තරගාවලියේ ශූරයන් සඳහා පිරිනමන කුසලානය එලිදැක්වීමද මෙහිදී සිදු කෙරුණි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…