Home Sports අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව පරාජය කරමින් විම්බල්ඩන් ශූරතාව සිමෝනා හාලෙප්ට

අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව පරාජය කරමින් විම්බල්ඩන් ශූරතාව සිමෝනා හාලෙප්ට

1 second read
0
0

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව සෙරීනා විලියම්ස් පරාජයට පත් කරමින් මෙවර විම්බල්ඩන් ශූරතාව හිමිකර ගැනීමට රුමේනියානු ක්‍රීඩිකා සිමෝනා හාලෙප් සමත්ව ඇත.

ඒ අනුව 25 වන ග්‍රැන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාව හිමිකර ගැනීමේ අපේක්ෂාවෙන් පසු වූ සෙරීනාගේ මෙම බලාපොරොත්තුව බොදකරමින් රුමේනියානු ක්‍රීඩිකාව සිය පළමු විම්බල්ඩන් ශූරතාව හිමිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙයි.

37 හැවිරිදි සෙරීනා විලියම්ස් මාස 12ක කාලයක් තුළ ලැබූ තෙවන දැවැන්තම පරාජය මෙය වීම විශේෂත්වයකි.

27 හැවිරිදි සිමෝනා හාලෙප් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් අනතුරුව හිමිකර ගත් දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය වෙයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…