Home Sports එංගලන්තය සමඟ නවසීලන්තය අද ලෝක කුසලාන අවසන් මහා තරග බිමට

එංගලන්තය සමඟ නවසීලන්තය අද ලෝක කුසලාන අවසන් මහා තරග බිමට

1 second read
0
0

ක්‍රිකට් ලෝක කුසලානය මෙතෙක් හිමිකර නොගත් එංගලන්තය සහ නවසීලන්තය 12වන ලෝක කුසලානය වෙනුවෙන් අද (14) ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

සති 06ක කාලයක් පැවති තරග 47කින් පසුව එම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තය මීට පෙර අවසන් මහා තරග 3කට සහභාගී වී ඇති අතර නවසීලන්තය අවසන් මහ තරගයකට සහභාගී වී තිබුණ ද මෙතෙක් එම කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය කිරීමට හැකි වී නැත.

එංගලන්තය සහ නවසීලන්තය අතර අවසන් වරට පැවති තරග නවයෙන් හතකම ජය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමටයි.

එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ලෝක ශූරයින් වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමිනි.

නවසීලන්ත කණ්ඩායමත් මේ වන විට ශක්තිමත් කණ්ඩායමක් ලෙස ඉදිරියට පැමිණීම හේතුවෙන් අද තරගය ජයගැනීම සඳහා කණ්ඩායම් දෙකම කරට කර තරග වදිනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…