Home World නවසීලන්තයේ ස්වයංක‍්‍රීය ගිනි අවි ආරක්ෂක අංශ වෙත

නවසීලන්තයේ ස්වයංක‍්‍රීය ගිනි අවි ආරක්ෂක අංශ වෙත

1 second read
0
0

නවසීලන්තය ගිනි අවි භාර දීමේ වැඩපිලිවෙළ ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

ක්‍රයිස්ට්චර්ච්හි ප‍්‍රහාරයෙන් පසු අර්ධ ස්වයංක‍්‍රීය ගිනි අවි ආරක්ෂක අංශ වෙත භාරදිය යුතු බවට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් යෝජනාවක් ඉදිරිපත් කළේය.

එය බහුතර ඡන්දයෙන් සම්මතවීමෙන් පසුවය ගිනි අවි භාරදීමේ වැඩපිළිවෙළ ආරම්භ වුණි.

භාරගන්නා ගිනිඅවි විනාශ කිරිමට පියවර ගන්නා බව නවසීලන්ත ආරක්ෂක අංශ පවසයි.

නව වැඩපිළිවෙල සඳහා හේතු වුණේ පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරයයි.

මෙම සිද්ධිය සැලකිල්ලට ගෙන නවසීලන්තයේ පවතින ගිනි අවි නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කළේය.

වෙඩි ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු වැසියෙකු වන 28 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඝාතන සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණි.

මෙම සිද්ධියෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය “අපේ ගිනි අවි නීති වෙනස් වනු ඇති” යනුවෙන් පැවසීමත් සමඟ එරට ගිනි අවි නීති සංශෝධනය කළ යුතු බවට මතයක් නිර්මාණය වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහිදී අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කරන ලෙස විශේෂ ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබූ බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…