Home Latest News රජයේ ගුරුවරු ලබන 18-19 ලෙඩ වෙයි

රජයේ ගුරුවරු ලබන 18-19 ලෙඩ වෙයි

1 second read
0
0

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දිනවල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

විවිධ අවස්ථාවල රජයේ වැටුප් කළමණාකරනය කළ ද ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතා පිළිබඳ සමාලෝචනය කිරීමට රජය කිසිදු රජයක් අපොහොසත් වු බව ඒ මහතා පවසයි.

මෙම ගැටළුවට වසර 22ක් මේ වන විට ගතවී ඇති බවත් සිදු කළ කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකින් මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා නොදුන් බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව වසර 22ක බී.සී පෙරේරා වැටුප් විෂමතා ඉවත් කිරීම, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කිරීම, 2016 වර්ෂයේ සිට සමස්ථ රාජ්‍ය සේවයට අහිමි කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත රාජ්‍ය සේවයට ලබාදීම සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාකාරී වන ලෙස ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය කොළ පිරවිම් ඉවත් කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් එළඹෙන 18 හා 19 වන දෙදින අසනීප නිවාඩු වාර්තා කරන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

මේ අතරතුර කාලයේ රජය මේ සඳහා අවශ්‍ය මැදිහත් වීම සිදු කරයි නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හකුළා ගැනීමට තමන් සූදානම් බවත් රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා පැවසුවේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…