Home World ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එරෙහිව ඡන්දයක්

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට එරෙහිව ඡන්දයක්

1 second read
0
0
DONALD-TRUMP-LKP-ENG-1

අමෙරිකානු මන්ත්‍රීවරියන් සිව්දෙනෙක් ඉලක්ක කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයකට එරෙහිව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයක් පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව බහුතර ඡන්දයක් පළ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු කොන්ග්‍රස මන්ත්‍රීවරියන් කිහිපදෙනෙක් ඉලක්ක කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ.

අමෙරිකානු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් වහාම අමෙරිකාවෙන් පිටවන ලෙස ජනාධිපතිවරයා අදාල මන්ත්‍රීවරියන් සිව්දෙනා වෙත අනතුරු ඇගවීම ඊට හේතුවයි.

එම මන්ත්‍රීවරියන් සිවුදෙනාම විදේශීය සම්භවයක් ඇති අය වීම හේතුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වර්ගවාදය අවුලුවන්නක් බවයි බොහෝ පිරිසකගේ මතයවී ඇත.

මේ තත්ත්වය සලකමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට සංඛේතාත්මක යෝජනාවක් ගෙනඒමට බලධාරීන් කටයුතු කර තිබේ.

මන්ත්‍රීවරියන් සම්බන්ධයෙන් ගෙනා යෝජනාවට අදාළ ඡන්දයක්ද පැවැති අතර එහිදී ඩිමොක්‍රොටික් පක්ෂ බහුතරයක් සහිත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 240න් 187ක් එම යෝජනාවට පක්ෂව හිමි විය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය වර්ගවාදී මෙන්ම නව අමෙරිකානුවන් අතර සැක බිය ඇතිකරවන ආකාරයේ ප්‍රකාශයක් බව මෙහිදී බහුතරයකගේ මතය විය.

ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ අයානා ප්‍රෙස්ලි, ඉල්හාන් ඕමාර්, ඇලෙක්සැන්ඩ්‍රා කෝරටේස් හා රෂීඩා ලායිබ් යන මන්ත්‍රීවරියන් සිව්දෙනායි.

අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති රැදවූවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරියන් අතර ගැටුමක් හට ගත්තේය.

එහිදී බොහෝ පාර්ශ්ව ජනාධිපතිවරයා හෙලාදකිමින් ප්‍රකාශ නිකුත් කළත්, ජනාධිපතිවරයා සිය මතය තහවුරුකරමින් පැවසුවේ තමන් තුළ කිසිදු ආකාරයක වර්ගවාදී මතයක් නොමැති බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දේශීයව මෙන්ම විදේශීයවත් විවේචන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…