Home Latest News ක්‍රීඩාවේ පරිපාලනය අවංක හා පිරිසිදු විය යුතුයි

ක්‍රීඩාවේ පරිපාලනය අවංක හා පිරිසිදු විය යුතුයි

2 second read
0
0

 

මෙරට ක්‍රීඩාවන්හි පරිපාලනය කටයුතු අවංකව සහ නිවැරදිව සිදු කරන්නේ නම් ක්‍රීඩාව තුළින් රට තුළ විශාල වෙනසක් ඇති කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (18) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යංශය භාර ගැනීම තමන්ට විශාල අභියෝගයක් වු බවත්  ඊට හේතුව ක්‍රීඩාවේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට වඩා ක්‍රීඩා සංගම්වල ගැටලු විසදීමට සිදු වීම ඊට හේතුව බවත් ඔහු පවසා සිටියි.

ආගම්,ජාති වාර්ගික භේද කිසිවක් නොමැති එකම තැන ක්‍රීඩාව බවත් ලෝක කුසලානය දිනු එංගලන්තය ඊට කදිම නිදසුනක් බවත් ඒ මහතා පවසා සිටියි.

ක්‍රීඩාවේ පරිපාලනය අවංකව පිරිසිදුව සිදුකරයිනම් ඒ හරහා රටේ වෙනසක් ඇති කළ හැකි බවත් ඔහු පවසයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…