Home World ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළු බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළු බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

5 second read
0
0
DONALD-TRUMP-LKP-ENG-1

හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු නාවිකයින් ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගල්ෆ් කලාපයේ ඉන්ධන ජාවාරමේ නිරත විදේශීය නෞකාවක් සිය භාරයට ගත් බව ඉරානය නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි.

ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ ඉන්ධන නෞකාවලට ආරක්ෂාව සපයමින් අරාබි මුහුදට ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි USS බොක්සර් (USS Boxer) යුද නෞකාව යෙදවීමට අමෙරිකාව පියවර ගත්තේය.

නෞකාව පසුකර යන ඉන්ධන නැව්වලට ආරක්ෂාව සළසමින් එහි නාවිකයින් මෙහෙයුම්වලට එක්ව සිටින අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මෙහෙයුම්වලට හැරියර් ප්‍රහාරක ජෙට් යානයද එක්කර තිබුණි.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු නාවික හමුදාව ඉරාන ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉරාන ඩ්‍රෝන යානය  USS බොක්සර් යුද නෞකාවට මීටර් 914ක් පමණ  ආසන්නයට පැමිණ ඇති බවත් ඒ හේතුවෙන් එහි සිටි නාවිකයින් එම ආරක්ෂක ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

ඉකුත් ජූනි මාසයේදී ප්‍රදේශය තුළ අමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට ඉරානය ද පියවර ගත්තේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වන්නේ ගල්ෆ් කලාපයේ ඉන්ධන ජාවාරමේ නිරත වූ විදේශීය නෞකාවක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු රඳවා තබා ගත් බව ඉරානය නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බාබ් අල්-මන්ඩාබ් යන මුහුදු කලාප අත්‍යවශ්‍ය මුහුදු කලාප ලෙස සැළකෙයි.

මුහුදේ සිට ගල්ෆ් කලාපයට සහ රතු මුහුදට ඇතුළු වන නෞකාවල ප්‍රවේශ මාර්ගය ඒ හරහා වැටී තිබීම ඊට හේතුවයි.

දිනපතා ඉන්ධන බැරල් මිලියන 4ක් පමණ බාබ් අල්-මන්ඩාබ් හරහා ලෝකයේ සෙසු රටවල් වෙත ප්‍රවාහනය කෙරෙයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉන්ධන නෞකා  ඉලක්ක කර එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් අමෙරිකාව නිරන්තර චෝදනා කරන්නේ ඉරානයටයි.

එහෙත්, එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැද පෙරදිග ඉරානය සහ යේමනය අතර මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක සන්ධානයක් ස්ථාපනය කිරීමට ඇමෙරිකාවට අවශ්‍ය වී තිබේ.

මේ අතර සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගල්ෆ් කලාපිය රටවල් සිය මුර සංචාර වඩාත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව බහරේන් හි ස්ථානගතවී සිටින අමෙරිකානු නාවික බලඇණිය ප්‍රකාශ කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…