Home Hot Stories මානිප්පායි පොලීසියට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

මානිප්පායි පොලීසියට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

1 second read
0
0

යාපනය,මානිප්පායි,ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් වෙත පහර දුන් බවට සැක කරන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

යාපනය මානිප්පායි පොලීසිය හා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන විශේෂ පොලිස් කණ්ඩායම් සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එ‍ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර, සැකකරුවන් පසුගිය 20 වැනිදා යතුරුපැදිවලින් පැමිණ පොලීසියට පහර දී තිබුණි.

පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විය.

යතුරුපැදි තුනකින් පැමිණ ප්‍රදේශ‍යේ මැර ක්‍රියාවන් සිදුකිරීමට ගමන් කරමින් සිටියදි අදාළ පිරිස පොලීසිය වෙත ප්‍රහාරයක් එල්ල කළ බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(23) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර,සිරුර ඥාතීන් වෙත භාරදි තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…