Home Entertainment “මිනි මවුස්” හඬ නිහඩ වෙයි

“මිනි මවුස්” හඬ නිහඩ වෙයි

0 second read
0
0

දශක තුනක් පුරා ලෝක ප්‍රකට “මිනි මවුස්” කාටුන් චරිතයට හඬ දුන් රූසි ටේලර් මිය ගියාය. වෝල්ට් ඩිස්නි සමාගම නිවේදනය කරන්නේ 75 වැනි වියේ පසුවූ ඇය කැලිෆෝනියාවේ ගලෙන් ඩේල් හීදී අභාවප්‍රාප්ත වූ බවයි.

මිකී මවුස් කාටුන් චරිතයේ සහකාරිය වන උස් හඬකින් අමතන මිනී මවුස් ට පණ දෙමින් 1986 සිට රුපවාහිනී සජීවී කරන කතා මාලා හා චිත්‍රපට යනාදියට ටේලර් හඬ දුනි.

ලෝ ප්‍රකට “සිම්ප්සන්ස්” කාටුන් කතා මාලාවේ “බාර්ට්” චරිතයේ මිතුරු “මාර්ටින්” වෙනුවෙන් ද ඇය සිය හඬ මුසු කර තිබේ.

මිකී මවුස් කාටුන් චරිතවල පිළිබිඹුව සැබෑ ජීවිතවලට ද ගෙන ආ ටේලර් වේන් අල්වයින් සමග විවාහ වී සිටියාය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Entertainment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…