Home Business AIA රක්ෂණ සමාගම හොඳම සේවා ස්ථාන සම්මානයෙන් අඛණ්ඩව 7 වන වරටත් පිදුම් ලබයි

AIA රක්ෂණ සමාගම හොඳම සේවා ස්ථාන සම්මානයෙන් අඛණ්ඩව 7 වන වරටත් පිදුම් ලබයි

14 second read
0
0

AIA රක්ෂණ සමාගම, විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work® සම්මානයෙන් අඛණ්ඩව 7ත් වන වරටත් පිදුම් ලැබීම ඉමහත් අභිමානයෙන් යුතුව සමරයි. මෙවරත් AIA රක්ෂණ සමාගම මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථාන 25 අතරින් එකක් ලෙස තේරී පත් වූ අතර විශාල ව්යා පාර කාණ්ඩයේ රජත සම්මානය දිනා ගැනීමට ද සමත් විය.

AIA රක්ෂණ සමාගම මෙම සම්මාන සඳහා වූ දැඩි නිර්ණායකයන් සියල්ලට යටත්ව Great Place to Work® Trust Index© survey and Culture Audit© සමීක්ෂණය සඳහා දිවයින පුරා ඉහල ලකුණු රැස් කර ගැනීමට සමත් වූ අතර විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ජාත්යහන්තර පිළිගැනීමටද ලක් විය.

AIA රක්ෂණ සමාගමේ මානව සම්පත් අධ්යීක්ෂ තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් කියා සිටියේ “අනෙකුත් සමාගම් අභිබවා යමින් මෙවන් විශිෂ්ට සම්මානයකට හිමිකම් කීම මගින් පිළිබිඹු වන්නේ අප සමාගම කාර්ය මණ්ඩල සාමාජිකයින්හට රැකියාව කිරීමට විශිෂ්ට සේවා ස්ථානයක් වීම මෙන්ම ව්යායපාර ක්ෂේත්ර ය තුල රැකියා සොයන්නන්ගේ ඉහළම තේරීම ලෙස ද තහවුරු වීමයි”

මෙම සම්මාන දිනාගැනීම වෙනුවෙන් සමාගමේ සියළුදෙනා වෙත සුභාසිංශන පිරිනමමින් ඇය කියා සිටියේ “කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයින් කණ්ඩායම් හැගීමෙන් යුතුව සියලු ක්රි යාකාරකම් සඳහා සහභාගී වීම හේතුකොට අපට මෙම විශිෂ්ට සම්මානයට හිමිකම් කීමට හැකියාව ලැබුනා. තවදුරත් කණ්ඩායම බලාත්මක කරමින් ඉදිරියේදී AIA රක්ෂණ සමාගම විශිෂ්ටත්වයේ ඉහලම තලය වෙත නංවා තැබීමට අප එකමුතුව කටයුතු කරමින් සිටිනවා.”

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…