Home Sports ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

8 second read
0
0

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු දිනය වු ඊයේ(14) නතර කරන විට  සිය පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් රැස් කර සිටියේය.

ශ්‍රී ලංකාවට වාසි ගෙනදෙන ගාල්ල තණතීරුවේ කාසියේ වාසිය දිනූ  නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 64කි.

ලකුණු 30ක් රැස්කළ ටොම් ලේතම් දැවීගියේ අකිල ධනංජය හමුවේයි.

එම පන්දුවාරයේම අවසන් පන්දුවට මුහුණදුන් නායක විලියම්සන් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට හරවා යැවීමට අකිල ධනංජය සමත් වුණි.

යළි ක්‍රියාත්මක වූ අකිල දිනයේ දවාගත් තුන්වැනි කඩුල්ලටද හිමිකම් කීවේ පිටියේ ස්ථාවරව සිටි ජීත් රාවල් ලකුණු 33කට දවා ගනිමින්ය.

සිව්වන කඩුල්ල සඳහා පිටියේ එක් වු හෙන්රි නිකලස් සහ රොස් ටේලර් ශතක සබඳතාවයක් ගොඩනැගූවත් යළිත් ක්‍රියාත්මක වු අකිල, ලකුණු 42ක් රැස් කර ගෙන සිටි හෙන්රි නිකලස් දවා ගත්තේය.

එක් ලකුණක් රැස් කරගෙන සිටි බී. ජේ වොට්ලින් ද දවා ගත් අකිල නවසීලන්ත කණ්ඩායමේ දැවීගිය කඩුළු පහටම හිමිකම් කීවේය.

තරගයේ 68 වන පන්දුවාරයේදී බලපෑ අයහපත් කාලගුණයෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කිරීමට විනිසුරුවරුන්ට සිදුවුණි.

රොස් ටේලර් නොදැවී ලකුණූ 86යි.

මිචෙල් සැන්ටර් නොදැවී ලකුණු 8 යි.

ada derana

sports news, cricket, new zealand tour of sri lanka, test tournament

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…