Home Latest News අමෙරිකාවේ බිහිසුණු වෙඩි තැබීමක්

අමෙරිකාවේ බිහිසුණු වෙඩි තැබීමක්

10 second read
0
0

පුද්ගලයින් 5 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ බිහිසුණු වෙඩි තැබීමක් පිළිබඳව අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඊයේ සන්ධ්‍යා කාලයේ සිදුව ඇති එම වෙඩි තැබීමෙන් තවත් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු වූ බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු පමණ මියගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

එහිදී අහඹු ලෙස සිවිල් වැසියන්ට වෙඩි තබා ඇති බවද ඔවුන් කියා සිටියේය.

වෙඩි තැබීම  සිදුව ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔඩෙස්සා සහ මිඩ්ලන්ඩ් නගර අතර ප්‍රදේශයකදී.

එක් තුවක්කුකරුවෙකු රිය පදවන අතරතුර අහඹු ලෙස ජනතාවට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

මෙම සිදුවීම අතරතුර අමෙරිකාවේ තැපැල් සේවයට අයත් වාහනයක් පැහැරගෙන තිබුණි.

සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ බවත් සෙසු  සැකකරුවන් පිළිබඳ පළවූ වාර්තා විමර්ශනය කරමින් සිටින බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම බිහිසුණු වෙඩි තැබීමෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් වාර්තා පවසන්නේ ඒ අතර පොලිස් නිලධාරීන් ද සිටින බවයි.

පුද්ගලයින් විසි දෙදෙනෙකුට මරු කැඳවමින් එල් පාසෝ නගරයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීමෙන් සති හතරකට පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ada derana

world news, world latest news, Texas Shooting, 5 Dead 21 Injured in Odessa and Midland

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…