Home Latest News අධිබලැති විදුලි රැහැනක් මත බේරුණ සෙබළෙකුගේ ජීවිතය

අධිබලැති විදුලි රැහැනක් මත බේරුණ සෙබළෙකුගේ ජීවිතය

19 second read
0
0

ගුවන් නියමුවෙකු අධිබලැති විදුලි රැහැණක් මතට ඇඳ වැටුණු පුවතක් පිළිබඳව ප්‍රංශයෙන් වාර්තා වෙයි.

නියමුවා රැඳී ඇත්තේ අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැනක් මත බව සඳහන් වෙයි.

ගුවනේදී අනතුරට පත් වූ ගුවන් යානයකින් පිටතට පැමිණි නියමුවකු අධිබල විදුලි රැහැණක පැටලි දිවි බේරාගත් පුවතක් ප්‍රංශයෙන් වාර්තා විය.

බෙල්ජියම් ගුවන් හමුදාවට අයත් F-16 යුද ගුවන් යානයක් ප්‍රංශයේ වයඹ දිග බ්‍රිටනි පළාතේදී මෙලෙස අනතුරට ලක්වී ඇති අතර නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අධිබල විදුලි රැහැණක් මතට ඇඳ වැටී තිබේ.

නියමුවා රැඳී ඇත්තේ වෝල්ට් 250000ක අධි වෝල්ටීයතාවයකින් යුත් රැහැණක් මත බවත් ඔහු බේරා ගැනීමට පැය දෙකක පමණ කාලයක් ගතවූ බවත් ප්‍රංශ හදිසි මෙහෙයුම් ඒකකය පවසා සිටියේය.

සෙසු නියමුවාද සුළු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.

යානය මීටර් 500 ක් පමණ උසින් පියාසර කරමින් තිබියදී අනතුර සිදුවී ඇති අතර එය කඩා වැටෙන විට අසල පිහිටි නිවසකට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ada derana

world news, latest world news, Belgian fighter jet pilot rescued from power line after crash in France, sri lanka latest gossip news
sri lanka gossip news

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…