Home Business ටින් ටින්-මුල් පිටපත් වෙන්දේසි කරයි

ටින් ටින්-මුල් පිටපත් වෙන්දේසි කරයි

17 second read
0
0

ජනප්‍රිය චිත්‍ර කතාවක් වන ටින් ටින් චිත්‍ර කතාවේ මුල් පිටපත් වෙන්දේසියකට ඉදිරිපත් කර ඇත.

පැරිස් නුවර පැවැත්වෙන මෙම වෙන්දේසියේදී අදාළ පිටපත අමෙරිකානු ඩොලර් හාරලක්ෂ පනස් දහසකට ආසන්න මිලකට නියමකර ඇති බවද සඳහන්.

ටින් ටින් චිත්‍ර කතාව හා ඒ අනුසාරයෙන් නිපදවූ ටින් ටින් කාටූනය ලෝපුරා ලොකු කුඩා කාගේත් මහත් ආදරයට ලක්වුණි.

එහි එන, ටින් ටින්, ස්නෝවි, කැප්ටන් හැඩොක් හා මහාචාර්ය කැල්කියුලස් වැනි චරිත අදටත් සෑම දෙනා අතරම අතිශය ජනප්‍රියයි.

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැති එක් වෙන්දේසියක් හේතුවෙන් ටින් ටින් චිත්‍ර කතාව යළිත් කරලියට පැමිණ ඇත.

පැරිස් වෙන්දේසියේදී ටින් ටින් චිත්‍රකතාවේ නිර්මාතෘ හර්ජ් 1942 වසරේදී චිත්‍රණය කළ කාටූනයක් අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හතලිස් දෙදහසක මුදලකට මිලකර ඇත.

මෙසේ අලෙවිය සදහා තබා තිබුණේ ද මිස්ටීරියස් ස්ටාර් නම් චිත්‍ර කතාවේ තීරු තුනක්.

යුද සමයේ පැවැති කඩදාසි හිඟය නිසා චීන තීන්ත යොදාගෙන කර තිබූ මෙම චිත්‍ර කතා ඉතාමත් තුනී කඩදාසි මත චිත්‍රණය කර තිබුණි.

චිත්‍ර කතාවට අමතරව එය මිලදී ගන්නා තැනැත්තාට හර්ජ් ගේ රුධිරය බිදුවක්ද හිමිවීම මෙහි ඇති විශේෂත්වයයි.

චිත්‍රය අදින අවස්ථාවේදී සිදුවූ තුවාලයකින් ලේ වැගිර තිබීම හේතුවෙන් එම චිත්‍ර කතාව මත රුධිරය තැවරී තිබීම ඊට හේතුවයි.

චිත්‍ර කතාවක් ලෙසින් ඉහළ මිලකට අලෙවි වෙමින් ලෝක වාර්තා තැබීමට දැනටමත් ටින් ටින් චිත්‍ර කතාව සමත්වී ඇත.

1954දී අඳින ලද එක්ස්ප්ලෝරර්ස් ඔන් ද මූන් ‘Explorers on the Moon’ ලෙසින් නම් කළ චිත්‍රකතා අයත් පිටුවක් අමෙරිකානු ඩොලර් මිලියන 1.71ක මිලකට 2006 වසරේදී අලෙවි වී තිබුණි.

2017 දී පැවැති තවත් වෙන්දේසියකදී 1939 වසරේදී ප්‍රකාශිත කින්ග් ඔටෝකාර්ස් සෙප්ට්‍රේ (King Ottokar’s Sceptre) නම් චිත්‍ර කතාව හා ද ශූටින් ස්ටාර් (The Shooting Star) චිත්‍ර කතා දෙක අමෙරිකානු ඩොලර් ලක්ෂ පහ මාරකට හා ලක්ෂ හතරකට අලෙවි  වී තිබූ බවද සඳහන්.

ada derana

world news, latest world news, Tintin original cover art bought at auction

 

Load More Related Articles
Load More By admin
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…