Home Sports රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

9 second read
0
0

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපාන කණ්ඩායම සමත් වුණි.

ඒ රුසියානු කණ්ඩායම පරාජයට පත් කරමින්ය.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් A කාණ්ඩයෙන් සත්කාර ජපානය සහ රුසියාව තරග වදී.

ඒ අනුව ජපානය සහ රුසියාව තරගාවලිය ආරම්භ කරමින් තරග බිමට පිවිසි අතර තරගයේ සිව්වන මිනිත්තුවේදීම පළමු උත්සහක දිනුම සාර්ථක කර ගැනීමට රුසියානු කණ්ඩායම සමත් වුණි.

අනතුරුව 11වන සහ 38 වන මිනිත්තු වලදී සත්කාරක ජපානයද සිය අණසක පතුරුවමින් උත්සහක දිනුම් දෙකක් සාර්ථක කර ගත්තේ ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්ය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 12ට 7ක් ලෙස ජපාන කණ්ඩායම ඉදිරියෙන් තබමින්ය.

අනතුරුව ආරම්භ වු තරගයේ දෙවන අර්ධයේ 43 වන මිනිත්තුවේදී ජපානයට හිමි වු දඩුවම් පහර සාර්ථක කර ගත් ඔවුන් 46 වන මිනිත්තුවේදී තවත් උත්සහක දිනුමක් සාර්ථක කර ගත්තේය.

60 වන මිනිත්තුවේදී රුසියානු කණ්ඩායමට ලැබුණු දඩුවම් පහර ඔවුන් විසින් සාර්ථක කර ගත් අතර 63 වන මිනිත්තුවේදී ජපාන කණ්ඩායමට ද හිමි වු දඩුවම් පහර අවස්ථාව ඔවුන් විසින් සාර්ථක කර ගත්තේය.

ඉන් නොනැවතුනු ජපානය 68 වන මිනිත්තුවේදී තවත් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුණි.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 30ට 10ක් ලෙස ජපාන කණ්ඩායම තරගයේ හිමි කර ගත්තේය.

අද තරගාවලියේ තවත් තරග තුනක් පැවැත්වීමට නියමිත අතර ප්‍රබල නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය වැඩි දෙනෙකුගේ අවධානය යොමු වන තරගයක් වනු ඇත.

ada derana

sports news, Rugby World Cup 2019, Japan beat Russia in RWC 2019 Opener

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…